දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, November 16, 2015

බටකිරිල්ල [Batakirilla] (Erythroxylum moonii)

බටකිරිල්ල බෙහෙවින් අතු බෙදෙමින් පඳුරක් ලෙස වැඩෙන කුඩා ශාකයකි. පොත්ත ළා දුඹුරු පැහැතිය. පත්‍ර ඉලිප්සාකාර - ලංසාකාරය. පොකුරක 1ක් හෝ 2ක් ලෙස පිහිටා ඇති කුඩා මල් සුදු පැහැතිය. ඵලය කොළ පැහැති බදරියකි. ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී. එය කෑමට ගත හැකිය. එක් ඵලයක් තුල එක් බීජයක්...
Share:

Monday, November 9, 2015

පෝටා වැල් [Pota Wel] (Pothos scandens)

Pothos උද්භිද ගණයට අයත් ශාක විශේෂ 4 ක් මෙරටින් වාර්ථා වී ඇති අතර එයින් විශේෂ තුනක්ම අප රටට ආවේනික වේ. මෙම විශේෂ 4 අතරින් දේශීය ශාකය වන Pothos scandens පෝටා වැල් නමින් හඳුන්වා ඖෂධ සඳහා භාවිතා කරයි. පෝටා, පුරුක්වලින් හට ගන්නා කුඩා මුල් මඟින් ආධාරක ශාකයක් මත වැඩෙන බහුවාර්ෂික...
Share:

Monday, November 2, 2015

කොබ්බෑ [Kobbe] (Allophylus cobbe)

කොබ්බෑ බොහෝ සේ අතු බෙදී පඳුරක් ආකාරයට වර්ධනය වන දේශීය ශාකයකි. වැලක් ආකාරයෙන්න වර්ධනය වන නිසා කොබ්බෑ වැල් ලෙසද හඳුන්වයි. ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍රවල සියුම් බූවක් පිහිටයි. ශාඛාවන්ගේ අග්‍රස්ථයෙන් හට ගන්නා පුෂ්ප මංජරිය කොළ පැහැතිය. ඉතා කුඩා මල් සුදු කොළ පැහැයෙන් යුක්ත ය. මාර්තු...
Share:

Monday, October 26, 2015

එළ ගොරකා [Ela Goraka] (Garcinia zeylanica)

මෙය කළු දුඹුරු පැහැති පොත්තක් සහිත මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන මෙරටට ආවේනික ශාක විශේෂයකි. රතු ගොරකා ශාකයට බොහෝ සෙයින් සමාන වන අතර තරමක් දුර්ලභ ය. සරල පත්‍ර තද කොළ පැහැතිය. පුෂ්ප ඒක ලිංගිකය. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ඇතැම් කාලවලදී කඳ පැලී කහ පැහැති ලාටු වර්ගයක් නිකුත්...
Share:

Friday, October 23, 2015

කබරස / කබරොස්ස [Kabarasa / Kabarossa] (Smilax zeylanica)

Smilax උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 3 ක් ලංකාවෙන් හමුවන අතර එයින් Smilax perfoliata මහ කබරොස්ස ලෙසත් Smilax zeylanica හීන් කබරොස්ස ලෙසත් හඳුන්වා ඇත. කබරොස්ස ආධාරක ශාකයක් මත නැගී වර්ධනය වන වැලකි. කොළ පැහැති කඳහෙි තියුණු කටු පිහිටා තිබේ. සරල ඒකාන්තර පත්‍රවල පත්‍ර තලය...
Share:

Monday, October 19, 2015

උගුරැස්ස [Uguressa] (Flacourtia indica)

උගුරැස්ස මීටර් 10 දක්වා උසට වර්ධනය වන ශක්තිමත් කඳක් සහිත බහුවාර්ෂික ශාකයකි. මෙහි කඳෙහිත් ළපටි රිකිලිවලත් තියුණු කටු පිහිටා තිබේ. ළා දුඹුරු පැහැති පොත්ත සිනිඳු ය. හරිත පැහැ මදක් දිළිසෙන ස්වභාවයෙන් යුක්ත පත්‍රවල පත්‍ර දාරය දැති සහිතය. ඉතා කුඩා මල් කහ පාටට හුරු සුදු...
Share:

Saturday, October 10, 2015

වැටකේ [Wetake] (Pandanus kaida)

ස්ත්‍රී ශාකය මෙය බොහෝ දුරට වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව සහ දියසීරාව සහිත පහත් බිම්වල වැවෙන දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. මෙහි පිරිමි ශාකය දුනුකෙයියා යනුවෙන්ද ස්ත්‍රී ශාකය වැටකෙයියා යනුවෙන්ද වර්ග දෙකක් ලෙස හඳුන්වා ඇත. වැටකේ ශාකයේ කඳෙන් පහලට ඇදෙන ආධාරක මුල් රැසකින් එය පොළවට...
Share:

Monday, October 5, 2015

ගංසූරිය [Gansuriya] (Thespesia populnea)

ඇතැම් පළාත්වල සූරිය යනුවෙන්ද හඳුන්වන ගංසූරිය මීටර් 15 පමණ උසට වර්ධනය වන දේශීය ශාකයකි. කඳේ පිට පොත්ත රළු වන අතර වා සිදුරු සහිතයි. තද කොළ පැහැයෙන් යුතු සරල පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍ර හැඩය අණ්ඩාකාර - හෘදයාකාර ය. සෙ.මි 12 පමණ දිගට වැඩෙන පත්‍රවල කෙලවර තියුණ උල් හැඩයක්...
Share:

Monday, September 28, 2015

කිරි අඟුණ [Kiri Aguna] (Tylophora pauciflora)

කිරි අඟුණ අධාරක ශාකයක් මත හෝ පොළවට සමාන්තරව වර්ධනය වන බහු වාර්ෂික වැල් ශාකයකි. එතරම් ශක්තිමත් නොවූ මෙහි කඳ කොළ පැහැතිය. බිම දිගේ වර්ධනය වන ශාඛාවලින් පොළවට මුල් ඇදේ. හරිත පැහැ සරල සම්මුඛ පත්‍ර දිළිසෙන සුලුය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු මිශ්‍ර කහ හෝ කොළ පැහැයක් ගනී. ඵලය වරාවකි....
Share:

Thursday, September 24, 2015

කෝවක්කා [Kowakka] (Coccinia grandis)

කෝවක්කා ආධාරක ශාකයක් මත නැගී වර්ධනය වන දේශීය බහුවාර්ෂික වැල් ශාකයකි. මේරූ කඳ සුදු පැහැති වන අතර ලපටි ශාඛා කොළ පැහැතිය. පහුරු ආධාරයෙන් ඉහලට වර්ධනය වේ. සරල පත්‍රවල දාර සියුම් කටු වැනි කඩතොළු සහිත බවකින් යුක්ත ය. මල් සුදු පැහැතිය. අණ්ඩාකාර හැඬයෙන් යුක්ත කොළ පැහැති ඵලය සෙ.මි....
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support