බත් හික් යනුවෙන්ද හඳුන්වන හික් මධ්‍යම ප්‍රමාණයේ පතනශීලී වෘක්ෂයකි. මහ කඳ ශල්කමය ඇලි සහිත හෝ සිනිඳු වේ. කෙඳි සහිත ඇතුලත පොත්තෙහි ඇලෙන සුලු මැලියම් වර්ගයක් පිහිටයි. නොමේරූ කොටස්වල තාරාකාකාර බූවක් පිහිටන අතර වා සිදුරු ද දරයි. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍රයක්...
Sunday, May 6, 2018
Sunday, April 29, 2018
මුඩුමහණ [Mudumahana] (Sphaeranthus indicus)

මලෙහි පෙනුම හිස මුඩුකළ භික්ෂුවකගේ හිසෙහි ස්වරූපයක් ගන්නේ ය යන අරුතින් මුඩුමහණ යනුවෙන් හඳුන්වන මෙම ශාකය සෙ.මි. 30 ක් දක්වා උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. පියාපත් සහිත හතරැස් කඳෙහි බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර පුනීලාකාර හෝ ශ්‍රාවාකාර ය. පත්‍ර දාරය දැති...
Monday, April 23, 2018
දොඹ [Domba] (Calophyllum inophyllum)

දොඹ මීටර් 20 පමණ උසට සහ සෙ.මි. 50 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයකි. සිනිඳු දිළිසෙන සුලු මතුපිටකින් යුත් තරමක් විශාල සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර අග්‍රය රවුම් හෝ තීව්‍ර ය. පත්‍ර හැඩය පළල් ඉලිප්සාකාර හෝ ප්‍රත්‍යණ්ඩාකාර-ඉලිප්සාකාර වේ. පත්‍රයක්...
Sunday, April 8, 2018
ගෙරිපස්
ගෙරි නමින් හඳුන්වන කුඩා කුහුඹු විශේෂයක් තම ගෘහය නිර්මාණය කර ගන්නා පස් වැනි ද්‍රව්‍ය ගෙරි පස් නමින් හඳුන්වා ඖෂධ පිණිස භාවිතා කරයි. කුහුඹුවන් කීවද වේයන් අයත්වන සත්ව විද්‍යාත්මක ගණයට අයත් Hospitalitermes monoceros නමින් හඳුන්වන මොවුන් මිනිස් වාසයට නොපැමිණෙන අහිංසක සත්ව කොට්ටාශයකි....
Sunday, April 1, 2018
ඉල්ල [Illa] (Callicarpa tomentosa)
ඊල්ල, හකුරුඉල්ල, හකුරු විල්ල සහ හැකරිල්ල ආදී නම් කීපයකින්ම හඳුන්වා ඇති ඉල්ල මීටර් 2-12 අතර උසකට වැඩෙන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ ළා දුඹුරු පැහැති වන අතර ලීය සුදු, දුඹුරු හෝ රතු පාටට හුරු සුදු පාටකි. සිලින්ඩරාකාර හෝ උප සිලින්ඩරාකාර ළපටි අතුවල පහසුවෙන් ගැලවිය...
Monday, March 26, 2018
නාගදරණ [Nagadarana] (Martynia annua)

නාගදරණ වැලි මිශ්‍ර පසට ප්‍රිය කරන මීටරයක් දක්වා උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. මේරූ කඳ කාෂ්ඨීය වේ. ශාකය පුරාම ඇලෙන සුලු බූවක් දක්නට ලැබේ. තරමක් හෘදයාකාර සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 15-23 පමණ දිගට වර්ධනය වේ. පත්‍ර දාරය තරමක් තරංගීමය වන අතර සම්පූර්ණ ය....
Sunday, March 18, 2018
මලිත [Malitha] (Woodfordia fruticosa)

මලිත්ත යනුවෙන්ද හඳුන්වන මලිත මීටර් 1-5 පමණ උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. සිනිඳු හෝ බූව සහිත ආරුක්කු හැඩැතිව විහිදී යන කඳක් පිහිටයි. බෙදුණු කුඩා අතු රැසක් දක්නට ලැබේ. පොත්ත තුනී වන අතර පොතු ගැලවී යන ස්වභාවයකි. දිග සෙ.මි. 14 සහ පළල සෙ.මි. 4 දක්වා වැඩෙන සරල පත්‍ර සම්මුඛව...
Sunday, March 11, 2018
දුහුදු [Duhudu] (Celastrus paniculatus)

දුහුදු අධාරක ශාකයක් මත මීටර් 10 පමණ උසට වැඩෙන විශාල කාෂ්ඨීය වැලකි. බොහෝ විට ළපටි අතුවල වා සිදුරු පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර ඉලිප්සාකාර, ඉලිප්සාකාර-ආයත, පුළුල් අණ්ඩාකාර ආදී විවිධ හැඩයන් ගනී. පත්‍රයක් දිගින් සෙ.මි. 12 සහ පළලින් සෙ.මි. 6.5 දක්වා වර්ධනය වේ. පත්‍ර සිනිඳු...
Sunday, March 4, 2018
ගුරැන්ද [Gurenda] (Celtis timorensis)

ගරිඳ සහ බූරැන්ද යන නම්වලින්ද හඳුන්වන ගුරැන්ද මීටර් 20 පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. මෙම ශාකයේ අරටුවෙන් තද අශූචි දුගඳක් නික්මීම මෙම නාමය ලැබීමට හේතුවක් වන්නට ඇත. ගුරැන්ද ශාකයේ ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. අතුවල ලඟින් ඇසිරුණු වා සිදුරු පිහිටයි. ඒකාන්තරව...
Sunday, February 25, 2018
බාඳුරා [Bandura] (Nepenthes distillatoria)

බාඳුරා මෙරට වැසි වනාන්තර සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල හමුවන පඳුරු හෝ අර්ධ පඳුරුමය මාංශභක්ෂක ශාකයකි. එ්කාන්තරව පිහිටන සරල පත්‍රවල කෙලවර විකරණය වීමෙන් සෑදෙන පහුර ආධාරයෙන් ශාක මත පැතිරී වැඩෙයි. මෙලෙස පහුරක් ලෙස වර්ධනය වන පත්‍ර අග්‍රයේ කෙලවර අලංකාර කෙන්ඩියක් හට ගනී....