වැල් බැබිල සිහින් දුර්වල කඳක් සහිත, සෙ.මි. 50 පමණ දුරට බිම දිගේ වැඩෙන කුඩා පැළෑටියකි. පුරුක්වලින් මුල් ඇදෙමින්, කඳෙන් අතු බෙදෙමින් වැලක් ආකාරයෙන් පොළව වසාගෙන පැතිරී වැඩෙයි. ඇතැම් විට පොළවෙන් උඩට ඉස්සී වැලක් ලෙස වැඩෙන අවස්ථා ද දැකගත හැකිය. එ්කාන්තරව...
Sunday, June 3, 2018
Monday, May 28, 2018
හීං බැබිල [Heen Bebila] (Sida rhombifolia subsp. alnifolia)
බෙහෙත් බැබිල, සුළු බැබිල ආදී නම්වලින් ද හඳුන්වන හීං බැබිල බිම දිගේ දුවන හෝ පොළවෙන් ඉස්සී වැඩෙන කුඩා පඳුරු ආකාර වාර්ෂික හෝ බහු වාර්ෂික පැළෑටියකි. කාෂ්ඨීය කඳ බෙහෙවින් අතු බෙදෙමින් මීටර් 0.6 ක් දක්වා උසට ද, අතු මීටර් 1.5 දක්වා දිගට ද වර්ධනය වේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර දිගින්...
Sunday, May 20, 2018
වැල් තිබ්බටු [Wel Tibbatu] (Solanum trilobatum)
වැල් තිබ්බටු බිම දිගේ හෝ ඇතැම් විට පොළවෙන් ඉස්සී වැඩෙන පඳුරු ආකාර කුඩා පැළෑටියකි. මඳක් නැමුණු කහ පැහැති කුඩා කටු ශාකය පුරාම දැක ගත හැකිය. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර වටකුරු හෝ මඳ වශයෙන් තාරකාකාර ය. කක්ෂීයව හට ගන්නා පුෂ්ප මංජරියෙහි දම් පැහැති අලංකාරවත් මල් 3-9 සංඛාවක් පිහිටයි....
Sunday, May 13, 2018
හිඟුරුපට වැල් [Hingurupata Wel] (Senegalia caesia)
හිඟුරු වැල් යනුවෙන් ද හඳුන්වන හිඟුරුපට සෙ.මි. 6 දක්වා විශ්කම්භයක් සහිතව බෙහෙවින් අතු බෙදෙමින් වැඩෙන විශාල කාෂ්ඨීය වැලකි. රළු පොත්ත අළු දුඹුරු පැහැතිය. වැල පුරාම කොක්කක් වැනි කෙටි, තියුනු කටු පිහිටා තිබේ. මේරූ වැල් තරමක් චතුරස්‍රාකාර හැඩක් ගන්නා අතර එවායෙහි කටු දිගින් සහ...
Sunday, May 6, 2018
හික් [Hik] (Lannea coromandelica)
බත් හික් යනුවෙන්ද හඳුන්වන හික් මධ්‍යම ප්‍රමාණයේ පතනශීලී වෘක්ෂයකි. මහ කඳ ශල්කමය ඇලි සහිත හෝ සිනිඳු වේ. කෙඳි සහිත ඇතුලත පොත්තෙහි ඇලෙන සුලු මැලියම් වර්ගයක් පිහිටයි. නොමේරූ කොටස්වල තාරාකාකාර බූවක් පිහිටන අතර වා සිදුරු ද දරයි. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍රයක්...
Sunday, April 29, 2018
මුඩුමහණ [Mudumahana] (Sphaeranthus indicus)

මලෙහි පෙනුම හිස මුඩුකළ භික්ෂුවකගේ හිසෙහි ස්වරූපයක් ගන්නේ ය යන අරුතින් මුඩුමහණ යනුවෙන් හඳුන්වන මෙම ශාකය සෙ.මි. 30 ක් දක්වා උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. පියාපත් සහිත හතරැස් කඳෙහි බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර පුනීලාකාර හෝ ශ්‍රාවාකාර ය. පත්‍ර දාරය දැති...
Monday, April 23, 2018
දොඹ [Domba] (Calophyllum inophyllum)

දොඹ මීටර් 20 පමණ උසට සහ සෙ.මි. 50 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයකි. සිනිඳු දිළිසෙන සුලු මතුපිටකින් යුත් තරමක් විශාල සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර අග්‍රය රවුම් හෝ තීව්‍ර ය. පත්‍ර හැඩය පළල් ඉලිප්සාකාර හෝ ප්‍රත්‍යණ්ඩාකාර-ඉලිප්සාකාර වේ. පත්‍රයක්...
Sunday, April 8, 2018
ගෙරිපස්
ගෙරි නමින් හඳුන්වන කුඩා කුහුඹු විශේෂයක් තම ගෘහය නිර්මාණය කර ගන්නා පස් වැනි ද්‍රව්‍ය ගෙරි පස් නමින් හඳුන්වා ඖෂධ පිණිස භාවිතා කරයි. කුහුඹුවන් කීවද වේයන් අයත්වන සත්ව විද්‍යාත්මක ගණයට අයත් Hospitalitermes monoceros නමින් හඳුන්වන මොවුන් මිනිස් වාසයට නොපැමිණෙන අහිංසක සත්ව කොට්ටාශයකි....
Sunday, April 1, 2018
ඉල්ල [Illa] (Callicarpa tomentosa)
ඊල්ල, හකුරුඉල්ල, හකුරු විල්ල සහ හැකරිල්ල ආදී නම් කීපයකින්ම හඳුන්වා ඇති ඉල්ල මීටර් 2-12 අතර උසකට වැඩෙන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ ළා දුඹුරු පැහැති වන අතර ලීය සුදු, දුඹුරු හෝ රතු පාටට හුරු සුදු පාටකි. සිලින්ඩරාකාර හෝ උප සිලින්ඩරාකාර ළපටි අතුවල පහසුවෙන් ගැලවිය...
Monday, March 26, 2018
නාගදරණ [Nagadarana] (Martynia annua)

නාගදරණ වැලි මිශ්‍ර පසට ප්‍රිය කරන මීටරයක් දක්වා උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. මේරූ කඳ කාෂ්ඨීය වේ. ශාකය පුරාම ඇලෙන සුලු බූවක් දක්නට ලැබේ. තරමක් හෘදයාකාර සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 15-23 පමණ දිගට වර්ධනය වේ. පත්‍ර දාරය තරමක් තරංගීමය වන අතර සම්පූර්ණ ය....