කතුරුපිල මීටරයක් දක්වා උසට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කුඩා ශාකයකි. බොහෝ සෙයින් අතු බෙදෙමින් වර්ධනය වන මෙහි නොමේරු කඳ කොළ පැහැතිය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍ර තලය සිනිඳුය. ශාඛාවන්ගේ අග්‍රස්ථයෙන් පුෂ්ප මංජරියක් හට ගනී. රෝස දම් පැහැති කුඩා මල් අලංකාරවත්ය. ඵලය කරලකි. කරලක බීජ 5-6 පිහිටයි. මේරූ බීජ තද දුඹුරු පැහැතිය. හොඳ කොළ පොහොරක්ද වන කතුරුපිල ශාකය Fabaceae කුලයට අයත් ය.
කෘමි රෝග, සෙංගමාලය, ගුල්ම රෝග, අජීර්ණය, කුසගිනි මදිකම, අතීසාරය, හෘද රෝග, ක්ෂය රෝගය, ඇදුම, පීනස, චර්ම රෝග, අක්මාවේ ප්ලීහාවේ සහ වකුගඩුවල රෝග, දත් කැක්කුම, දත්මුල් දියවීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කතුරුපිල ශාකයේ කොළ, මුල්, පොතු, ඇට ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි.
කතුරුපිල කෘමි රෝග සඳහා විශිෂ්ඨ ඖෂධයක් ලෙස සලකනු ලබයි. සෙංගමාල රෝගය සඳහා කතුරු පිල කොළ කැඳ බොහෝ සේ ගුණදායකය. කතුරු පිල මුල් චූර්ණය මී පැණි සමග යෙදීමෙන් ගුල්ම රෝග, අජීර්ණ, අතීසාර ආදියයෙන් සුවය ලැබෙයි. මෙම ඇටවලින් ලබා ගන්නා තෙල් සියළු චර්ම රෝග සඳහා ගුණදායක බව සඳහන් වේ. මුල් චූර්ණයෙන් දත් මැදීමෙන් දත්මුල් දියවීම සුවවන අතර දණ්ඩ සහ මුල් දැහැටි කූරු ලෙස භාවිතා කිරීමද ඒ සඳහා යෝග්‍යය බව සඳහන්. කතුරුපිල මුත්‍රකාරක, රුධිරය පිරිසිදු කරන, කෘමි නාශක, වේදනානාශක, විරේචක ආදී ගුණයන් සහිතයි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරුව_ අන්තර්ජාලයෙන්