
ඖෂධීය වටිනාකම
සංස්කෘත ග්‍රන්ථවල කරවිල හැඳින්වෙන්නේ “කරවල්ලි“, “කරවල්ලි ලතා“, “කරවේල්ල“ හා “අම්බුලවල්ලිකා“ යනුවෙනි.
කරවිල තිත්තය, ඌෂ්ණය, මල බැඳීම කරයි, වණ සුව කරයි, බඩවැලේ, ප්ලීහාවේ හා උදරයේ රෝග නසයි. කුසගිනි වඩවයි. උණ, කුෂ්ට, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය, වාත හා ශ්ලේෂ්මල රෝග නසයි. කරවිල නිද්‍රාජනකය. ආහාර අරුචිය, සෙම, වාත රක්ත දෝෂ, උණ, පිත, කුරුමිණි රෝග හා පාණ්ඩු රෝග නසයි.
ඉන්දියාවේ කොංකන ප්‍රදේශයේ වෛද්‍යවරු පිත් රෝගයෙන් පෙළෙන අයට කරවිල කොළ යුෂ පතක් පමණ බීමට දෙති. එහි එය වමනකාරකයක් හා විරේචකයක් ලෙස සලකනු ලැබේ. කරවිල මූල අර්ශස් රෝගයට ප්‍රතිකාර සඳහා තනනු ලබන ඔසු සඳහා ගනු ලැබේ. චීන වෙදකමේද රෝගාබාධ බොහෝවකට කරවිල ප්‍රශස්ත ඔසුවක් සේ සලකති. කරවිලවල මධුමේහය හෙවත් දියවැඩියාව පාලනය කල හැකි ගුණයක් ඇකි බව ප්‍රකට කරුණකි.
“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ _ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment