කරඤ්ජ නම් ප්‍රකට පර්යාය නාමයක්ද සහිත කරඳ ජලාශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව සුලභව හමුවන තරමක් විශාල දේශීය ශාකයකි. අළු පැහැති පොත්ත සිනිඳු ය. පැසුණු ලීය කහ පැහැයට හුරු සුදු පැහැති ය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර එ්කාන්තරව පිහිටයි. පත්‍රිකා යුගල වශයෙන් පිහිටා තනි පත්‍රිකාවකින් කෙලවර වේ. පත්‍ර නටුව සෙ.මි. 12.5 පමණ දිගු විය හැකි අතර පත්‍රිකා 5-9 අතර සංඛාවක් පිහිටයි. දෙපැත්තම දිළිලෙස සුලු පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර හෝ ලංසාකාර ය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල් අලංකාරවත් ය. අප්‍රේල් මාසයේදී මල් හට ගනී. ඵලය ඕවලාකාර-ආයත හැඩයෙන් යුත් නොපැලෙන කරලකි. සෙවන සඳහා ද වැවිය හැකි කරඳ ශාකය Fabaceae කුලයට අයත් ය.
දන්ත රෝග, ග්‍රහණි රෝග, ප්‍රමේහ, ගුල්ම, ඉරුවාරදය, ආමවාතය, පණු රෝග, රුධිර දෝෂ, වණ, වාතරක්ත, කුෂ්ඨ ආදී රෝගයන්ට ප්‍රතිකාර කිරීමට මඟුල්කරඳ ශාකයේ මුල්, මුලේ පොතු, කඳේ පොතු, කොළ, දලු, ඇට ආදිය භාවිතා කරයි. කරඳ ඉදිමුම් සහ වේදනාවන් නසන, අක්මාව උත්තේජනය කරන, රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි. කරඤ්ජාදී චූර්ණය, කරඤ්ජාදී තෛලය, චිත්‍ර කරඤ්ජාදී තෛලය, කරඳ පොතු ප්‍රලේපය, කරඳ දලු තුලසී ප්‍රලේපය ආදී කරඳ යොදා නිපදවන ඖෂධ රැසකි.
කුෂ්ඨ සඳහා කරඳ ඇට හා කෙළිඳ ඇට අඹරා ආලේප කරයි. ලේ පිටවන අර්ශස් රෝගයට කරඳ දලු අඹරා ආලේප කළ යුතුය. කල්ගිය වණ සඳහා කරඳ කොළ තම්බා සෝදා ඉන් පසු කරඳ කොළ අඹරා ආලේප කළ යුතුය. කරඳ කොළ තම්බා ගත් වතුරින් නෑමෙන් සන්ධි වේදනාවන් පහව යයි. කිටීහ රෝගයට කරඳ ඇට තෙල්, හුණු, දෙහි ඇඹුල් බාහිරව ආලේප කළ යුතු බව දක්වා ඇත.
කළකට පෙර බෞද්ධ ශික්ෂූන්වහන්සේලා සහ ගැමියන් දත් මැදීමට දැහැටි කූරු ලෙස සුලභව භාවිතා කළේ කරඳ කෝටුය. දැහැටි ලෙස භාවිතා කළ තවත් ශාකයක් වන්නේ බෝඹු ය. තොවිල් වලදී කරඳ ප්‍රයෝජනයට ගනී. සිංහල අවුරුදු චාරිත්‍රවලදී හිසතෙල් ගෑම සඳහා කරඳ කොළ භාවිතා කරයි. කරඳ ඇටවලින් ලබා ගන්නා තෙල්වල කෘමි නාශක සහ විෂබීජ නාශක ගුණ ඇති බව සඳහන්. මෙම තෙල් හම් පදම් කිරීමට, සබන් වර්ග සෑදීමට, ලිහිසිකාරකයක් ලෙස සහ පහන් දැල්වීම ආදියට භාවිතා කළ හැකිය. කරඳ ලීය වටිනා දැවයක් නොවුන ද කරත්තවල ගොන්නු බඳින ලීය සඳහාත්, නඟුල්, කරත්ත රෝද ආදිය සෑදිමටත් යොදා ගනී. කරඳ ගසට දකුණු පසින් තුඹසක් ඇති විට ඒ අසන්නයේ නොගැඹුරු පොළවේ ජල නිධියක් ඇති බව ඉපැරණි භූමී ලක්ෂණ විශේෂඥයින්ගේ අදහසකි. කරඳ මල් දැකීම සශ්‍රිකත්වයේ පෙරනිමිත්තක් බව පැරණි පොත පතෙහි දක්වා ඇත.
ඖෂධ සඳහා භාවිතා කරන පුතිකරඤජ නම් ශාකයක් ගැන පොත්පත්වල සඳහන් කර ඇතත් එය මතභේදාත්මක ශාකයක් බව සඳහන්. පුතිකරඤජ යනු කුඹුරු වැල් (Caesalpinnia bonduce) ද ගල් කරඳ (Humboldtia laurifolia) ශාකය ද යන්න තවම නිශ්චිතව විසඳා නැති ගැටළුවකි. පෙර කළ "මඟුලේ යන්නා" යන රහස් නාමයෙන් හඳුන්වා ඇත්තේ ද මඟුල් කරඳ ශාකයයි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
9 comments:
How can I buy a plant
Available @Diyatha stalls on Weekends(Friday - Saturday)
ස්තුතියි.
කරඳ ගහක් අපේ ගෙදරත් තියෙනවා.
එතකොට මෙ ගස් වලටද මෙ දවස් වල මහ කතිකාවක් යන්නේ ?
Karada Pala mam gawa tiyenawa
karada pela laba ganna puluwan thenk kiyanna
kiyanna
Me shakayee samanyen usa keeyada?
දියත
Post a Comment