
සන්ධිවාත, අවබාහුක, ස්නායු දුර්වලතා, අපස්මාරය, අර්ශස්, මූර්ජා, වාත පිත්තජ රෝග, සෝම රෝග, ප්‍රජනක පද්ධතියේ දුර්වලතා, මූත්‍ර රෝග, අතීසාර, සන්ධි භග්න, උදර වේදනා, මව්කිරි මදිකම, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමට හාතාවාරිය කොළ, අල, මොටෙයියන් සහ ඇතැම් විට මුල්ද භාවිතා කරයි. හාතාවාරිය ශීතකාරක, ශරීර ඌෂ්ණය සමනය කරන, මුත්‍රකාරක, බලකාරක, වාජීකරණ, ශුක්‍ර වර්ධක, කුෂ්ඨ නසන ආදී ගුණයන් රැසක් සහිතයි.
ලේ පිටවන අර්ශස්, බඩේ දැව්ල්ල සහ ආහාර මාර්ගයේ තුවාල ආදීයට හාතාවාරිය අල ග්‍රෑම් 60 ක් එළකිරි ම්.ලි. 240 ක්, වතුර ලීටර් 1.680 ක් දමා කෂාය කර සීනි මී පැණි අනුපානයෙන් පානය කළ යුතුය. රාත්‍රි කාලයට ඇස් පෙනීම දුර්වල අයට හාතාවාරිය කොළ ගිතෙලින් බැද ආහාරයට ගැනීම ගුණය. මවුකිරි වර්ධනය කර ගැනීම සඳහා හාතාවාරිය අල හොඳින් සෝදා පිට පොත්ත සහ මැද නාරටිය ඉවත්කර පවනේ වියළා කුඩුකර තබාගෙන වරකට තේ හැඳි 1 බැගින් උදේට එළකිරි සමඟ බීමට නියමකර ඇත. අස්ථි බිඳීම්, තැලීම්, උලුක්කු වීම් ආදියේදී හාතාවාරිය කොළ, ඉරමුසු වැල්, සියඹලා කොළ, අමුකහ සමඟ කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තැවීම කළ යුතුය. මුත්‍ර අඩස්සියට හාතාවාරිය අල සිහින්ව අඹරා ඇල් වතුරට මිශ්‍රකර පානය කිරීමෙන් මුත්‍ර අඩස්සිය පහව යයි. මුත්‍ර මාර්ගයෙන් ලේ පිටවීමේ රෝගය සඳහා අමුකහ, හාතාවාරි අල, ගොකටු කිරි කෂාය ගුණදායක ය. හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරීමෙන් නේත්‍ර රෝග සුව වෙයි.
හාතාවාරිය කොළ කැඳ පානය කිරීම රෝග බෝහෝමයකට ගුණ දායක වන අතර මනා ශරීර සෟක්යයකින් විසීමට බෙහෙවින් උපකාරී වෙයි. එය රුධිරය වර්ධනය කරන අතර සම පැහැපත් කරයි. ශරීරය කැසීම්, තුවාල ආදිය දුරු කරයි. සමෙහි ලප කැළැල් ඉවත් කරයි ශරීරය සිසිල් කරයි. මුඛ රෝග අත් පා දැවිල්ල, කකුල් පැලීම් ආදී රක්ත දෝෂ සමනය කරයි. හිසකෙස් වර්ණවත් කරන අතර හිස කෙස් හැලීම නවතා හිස කෙස් සුදුවීම අඩු කර කෙස් වර්ධනය කරයි. පණු රෝග නැති කරයි. සෙම් රෝග, කැස්ස, හිසේ රුදාවට මෙන්ම ස්වාස රෝගවලට ඉතා ගුණයි. අරුචිය නසා කුසගිනි වඩවයි. මළබද්ධය දුරු කරයි. ධාතු වැඩීමටත් ශරීරය පෘෂ්ටිමත් කීරීමටත් උපකාරී වෙයි. පිත බහුලවීම නිසා හට ගන්නා දැවිල්ල, අධිකව දහදිය දැමීම, කාන්තාවන්ගේ ඔසප් දෝෂ සමනය කරයි.
හාතාවාරිය අල ඖෂධ සඳහා භාවිතයට ගැනීමේදී පිට පොත්ත සහ මැද නාරටිය ඉවත්කර ගත යුතු බව සඳහන් කර ඇත. එසේ කළ යුත්තේ එම කොටස්වල යම් විෂ සහිත බවක් පවතින නිසා ය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
7 comments:
Thanks....!
Thanks...!
විශාල වටිනාකමක් තියෙන තොරතුරු බොහොමයක් පින්.
බුදු සරණයි!
කරුණු දැක්වූවාට බොහොම ස්තුතියි.
Thanks🙏
Thank you for giving these details for us👌👌👌
Thank you so much for the information
Post a Comment