
වැල් කැප්පෙටියා (Croton aromaticus) සහ ගස් කැප්පෙටියා (Croton laccifer) යයි ප්‍රභේද දෙකකි. දෙවර්ගයේම එක සමාන ගුණ ඇති බව සඳහන්. කැප්පෙටියා විෂ නාශකයි. වණ පිරිසිදු කරයි. වණවල මස ලියලවයි. නා, පොළොං, කුණකටු, පිස්සු බලු ආදී විෂට ප්‍රතිකර සදහා යොදා ගැනේ. අලුත් තුවාල, වණ, තැළුම්, ඉදිමුම්, ලාදුරු තුවාල හා දද ආදියට ප්‍රතිකාර සදහාද ගැනේ. ලේ නැවැත්වීමට හා සන්ධි ගැන්වීමට ප්‍රශස්ථ ඔසුවකි. කැප්පෙටියා හන්ධි වෙදමට අවශ්‍යම වන ඖෂධීය ශාකයකි. හදිසි සීරීම් ආදියේදී කැප්පෙටියා කිරි ආලේප කිරීමෙන් ඒවා වහා සුව වේ. පැරැන්නන් කුඹුරේ, කමතේ, හේනේ හෝ ගෙවත්තේ වැඩ කරන විට කැති උදලු ආදියෙන් සුලු තුවාල සිදුවූ විගස බොහෝ විට කලේ කැප්පෙටියා කොළ ටිකක් තලා ලේ පිටින්ම තුවාලයට තබා බැඳීමයි.
මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය
සරත් රණවීර සහ රේඛා රණවීර
2 comments:
Hiruni
Grate post
Agriculturist
Post a Comment