දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Wednesday, July 1, 2015

හීංබෝවිටියා [Heen Bovitiya] ( octandra)

හීංබෝවිටියා බොහෝ සේ අතු බෙදී පඳුරක් ලෙස වර්ධනය වන අප රටට ආවේනික කුඩා බහුවාර්ෂික ශාකයකි. අතු ශක්තිමත් බවින් අඩු අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති පහකින් යුක්ත ලා දම්පැහැති මල අලංකාරවත්ය. කුඩා ගෙඩි තුල හට ගන්නා බීජ මගින් සහ අතු කැබලි මගින්...
Share:

Sunday, June 28, 2015

සුදු කිඹුල්වැන්න [Sudu Kibulwenna] (Persicaria attenuata)

මෙය බොහෝ විට තෙතමනය සහිත පරිසරයක පොළවට සමාන්තරව වැවෙන පැළෑටියකි. කුඹුරු ආශ්‍රිතව බහුලව හමුවේ. මෙහි දිගැටි පත්‍රයක් සෙ.මි. 20 දක්වා දිගට වර්ධනය වේ. බෙදී ගිය ශාඛාවන්ගේ අග්‍රස්ථයන්ගෙන් සුදු පැහැති මල් සහිත පුෂ්පමංජරියක් හට ගනී. එයින් ඇතිවන ඉතා කුඩා ඵලයන් තුල ඇති බීජ මගින් සහ අතු...
Share:

Thursday, June 25, 2015

සාරණ / පිටසුදු සාරණ [Sarana] (Boerhavia diffusa)

මෙය පොළවට සමාන්තරව වැවෙන වාර්ෂික වැල් ශාකයකි. පැතුරුණු මූල පද්ධතියක් සහිතව බෙහෝ සේ අතුබෙදෙමින් වර්ධනය වේ. ඔවලාකාර හෝ මඳක් වටකුරු සරල සම්මුඛ පත්‍ර පිහිටා ඇත. පුෂ්ප ද්වීලිංගිකය. මල් දීප්තිමත් දම් පැහැයට හුරු රෝස පැහැයකින් යුක්තය. වසර පුරාම මල් හටගනී. ඵලය සෙ.මි. 0.3 පමණ වන...
Share:

Monday, June 22, 2015

බිංතල් [Bintal] (Curculigo orchioides)

බිංතල් භුගත කඳක් (අලයක් / ආකන්දයක්) සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. මාංසල වූ පාර්ශවික මුල් දරන කෙටි හෝ දික් වූ අලටියක් දරයි. නිර්වෘන්ත හෝ කෙටි වෘන්තයක් සහිත සරල පත්‍ර පිහිටා ඇත. පත්‍ර රේඛීය හෝ රේඛීය-ලන්සාකාරය. මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්තයි. ඵලය ස්ඵෝටිකාවකි. එක් ඵලයක්...
Share:

Friday, June 19, 2015

හීං නිදිකුම්බා [Heen Nidikumba] (Biophytum reinwardtii)

පෙර කල දඩින්නරු යන නාමයෙන් හඳුන්වා ඇති  හීං නිදිකුම්මා සෙ.මි. 15 ට වඩා උසට නොවැඩෙන, කෙටි සෘජු රත්පැහැ කඳක් සහිත වාර්ෂික පැළෑටියකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර කඳ අග්‍රයේ ගොනුවී කිරීටයක් මෙන් විහිදී ඇත. පත්‍ර ඉක්මවා ඉහලට වැඩෙන ප්‍ුෂ්ප මංජරියක හට ගන්නා ද්වීලිංගික පුෂ්ප...
Share:

Wednesday, June 17, 2015

කටුපිල [Katupila] (Flueggea leucopyrus)

කටුපිල මීටර් 4 දක්වා ඉහලට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කටු සහිත කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ සුදු පැහැතිය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්‍ර ඔවලාකාර හැඬයක් ගනී. මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගසේ කක්ෂවල මල් කලඹ සේ හට ගනී. මි.මි 3 ක පමණ විශ්කම්භයක් සහිත කුඩා ගෙඩි කොළ පැහැති...
Share:

Friday, June 12, 2015

දත්කැටිය [Dathketiya] (Ophiorrhiza mungos)

තෙත් කලාපයේ සුලභව හමුවන දත්කැටිය ශාකය සෙ.මි. 30 පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා පැළෑටියකි. සෘජු සිලින්ඩරාකාර කඳ කොළ පැහැතිය. අඳුරු කොළ පැහැති සරල පත්‍ර සම්මුඛව පිහිටයි. සෙ.මි. 8-15 පමණ වන පත්‍ර ලංසාකාර හැඩැති ය. පත්‍ර තලයේ යටිපස ළා කොළ පැහැති ය. තිරස්ව විහිදෙන බහු...
Share:

Monday, June 8, 2015

රත් කෑලිය [Rath Keliya] (Litsea longifolia)

රත් කෑලිය ලංකාවට ආවේනික ශාකයක් වන අතර බොහෝ විට මධ්‍යම කඳුකර ප්‍රදේශයන්හි පමණක් දැකගත හැකිය. මීටර් 5 පමණ උසට වැඩෙන ශාකයක් වන මෙහි ශාකය පුරාම සියුම් බූවක් ඇත. මෙහි දලු සහ ළපටි අතු රත් පැහැයකින් දක්නට ලැබේ. කොළ පැහැති ඵලය සෙ.මි. 0.5 පමණ විශ්කම්භයකින් යුක්ත වන අතර ඉඳුණු විට...
Share:

Friday, June 5, 2015

සාදික්කා [Sadikka] (Myristica fragrans)

සාදික්කා 19 වන සියවසේදී පමණ අප රටට හඳුන්වාදුන්, ඉන්දුනීසියාව මව්බිම කරගත් ශාකයකි. ලංකාවේදී එය බොහෝ විට මධ්‍යම පළාත තුල පමණක් දක්නට ලැබේ. සාදික්කා ශාකයක් මීටර් 10 -18 පමණ උසකට වර්ධනය වන අතර ඇතැම් විට මීටර් 20 ද ඉක්මවා වර්ධය වන අවස්ථාද ඇත. මෙහි සරල පත්‍ර අඳුරු කොළ පැහැයෙන් යුක්ත...
Share:

Monday, June 1, 2015

අමුක්කරා / අස්ගොඳු [Amukkara] (Withania somnifera)

ඔසු ගුණයෙන් සපිරි මෙම ශාකයේ මුල අශ්වයින්ගේ මුත්‍රවල ගඳට සමාන ගඳකින් යුක්ත හෙයින් අශ්වගන්ධ යනුවෙන්ද හඳුන්වයි. අමුක්කරා යන්න ද්‍රවිඩ ව්‍යයවහාරයක් වන අතර මෙහි සිංහල නම අස්ගොඳු ය. මීටරයක් පමණ උසට වැඩෙන අමුක්කරා ශාකය අර්ධ කාෂ්ඨමය පඳුරක් ලෙස වර්නධය වේ. කඳ සහ අතු සුදු පැහැති දැඩි...
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support