දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Friday, August 21, 2015

ඇහැළ [Ehela] (Cassia fistula)

ඇහැළ මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන අළු පැහැති පොත්තක් සහිත බහුවාර්ෂික ශාකයකි. වියළි කලාපයේ බහුලව හමු වෙයි. තද කොළ පැහැති පක්ෂවත් සංයුක්ත පත්‍ර පිහිටා ඇත. පහලට එල්ලා වැටෙන දිග කිනිත්තක් ලෙස සැකසුණු අලංකාර පුෂ්ප මංජරියක දීප්තිමත් කහ පැහති මල් හට ගනී. ගස පුරාම මල් හටගන්නා බැවින්...
Share:

Monday, August 17, 2015

වඳුරු මෑ [Wanduru Mea] (Mucuna pruriens)

වඳුරු මෑ ආධාරක ශාකයක් මත පැතිරී වැඩෙන දේශීය වාර්ෂික වැල් ශාකයකි. වැලෙහි සියලූ කොටස් බූවකින් යුක්තය. මලේ සහ බීජවල පැහැය අනුව වර්ග කිහිපයක් හමුවෙයි. ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර පිහිටා ඇති අතර ඒවා සුදු පැහැති රෝම වලින් යුක්ත ය. සෙ.මි. 30 දක්වා දිගට වර්ධනය වන පුෂ්පමංජරියක හට ගන්නා...
Share:

Friday, August 14, 2015

ලුණුවිල [Lunuvila] (Bacopa monnieri)

ලුණුවිල සිංහලෙන් බඹතිරි හෙවත් බැමිතිරිය ලෙස ද හැඳින් වේ. මෙය තෙතමනය සහිත පරිසරයක, පොලොවට සමාන්තරව වැවෙන වාර්ෂික පැළෑටියකි. මෙහි පත්‍ර සහ කඳ බොහෝ සේ මාංසලය. සුලභව හමුවන්නේ වර්ගයෙහි කඳ කොළ පැහැති වුවද කඳ රතු පැහැති වර්ගයක්ද කලාතුරකින් දක්නට ලැබේ. මල සුදු හෝ ලා නිල් පාටය....
Share:

Monday, August 10, 2015

යකවනස්ස [Yakawanassa] (Anisomeles indica)

එක්තරා ගමකට වින කරන ලද යක්ෂයකුගෙන් එම ගම්වැසියන් බේරා ගැනීම සඳහා මෙම ගස් සහිත කැළෑ ප්‍රදේශයකදී පූජා පැවැත්වූ බවත්, ටික දිනකට පසු යකා මියගොස් සිටි අතර පසු කලෙක එම ප්‍රදේශය යකා නැසූ ගස් සහිත ප්‍රදේශය නමින් හැදින්වූ බවත්, යකාවැනසූ යන අර්ථයෙන් එම ගස් යකවනස්ස නමින් හැඳින්වූ බවත්...
Share:

Friday, August 7, 2015

කෙටල [Ketala] (Lagenandra ovata)

Lagenandra ovata සහ Lagenandra praetermissa යන උද්භිද නාමයන්ගෙන් හඳුන්වන Lagenandra ගණයට අයත් දේශීය ශාක විශේෂ දෙකක් කෙටල නමින් හඳුන්වා ඇත. බොහෝ දුරට ඖෂධ සඳහා භාවිතා කරන බව සඳහන් වන්නේ Lagenandra ovata ශාකයයි. කෙටල භූගත කඳක් (රෛයිසෝමයක්) සහිත, ඇල දොළ ගංඟා ඉවුරු ආශ්‍රිතව...
Share:

Tuesday, August 4, 2015

වල් කොත්තමල්ලි [Wal Kottamalli] (Scoparia dulcis)

වල් කොත්තමල්ලි සෙ.මි. 60 දක්වා ඉහලට වර්ධනය වන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. කඳෙන් ශාඛා අතු රාශියක් හට ගනී. සම්මුඛව පිහිටන කුඩා සරල පත්‍රවල පත්‍ර දාරය කඩතොලු සහිතය. පත්‍රයක් දිගින් සෙ.මි. 3.5 සහ පළලින් 1.5 දක්වා වර්ධනය වේ. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාර-ආයත සිට ප්‍රතිලන්සාර වේ....
Share:

Sunday, August 2, 2015

මූණමල් [Munamal] (Mimusops elengi)

මූණමල් මීටර් 20 ක් පමණ උසට වැඩෙන කිරි සහිත දේශීය ශාකයකි. ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි. 15 සහ පළලින් සෙ.මි. 7 දක්වා වැඩේ. ළපටි පත්‍ර විල්ලුද ආකාරයක් ගනී. මෝරන විට සිනිඳු වේ. පුෂ්ප ඉතා සුවඳවත් ය. පොකුරකට 1-3 අතර සංඛාවක්...
Share:

Friday, July 31, 2015

එළ පිටවක්කා [Ela Pitawakka] (Phyllanthus debilis)

මෙය සෙ.මි. 60 දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික පැළෑටියකි. පත්‍ර නෙල්ලි කොළවලට යම් තරමකින් සමාන වන හෙයින් බිංනෙල්ලි යනුවෙන්ද හඳුන්වයි. පක්ෂවත් සංයුක්ත පත්‍රවල නාරටිය යටි පැත්තෙහි කුඩා පුෂ්ප හටගනී. එවායින් කුඩා ඵල රාශියක් හට ගන්නා අතර එයින් ඇතිවන බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. එළ...
Share:

Wednesday, July 29, 2015

ගැට තුඹ [Geta Tumba] (Leucas zeylanica)

ගැට තුඹ සෙ.මි 50 ක් දක්වා උසට වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන්ද වර්ධනය වේ. කුඹුරු ආශ්‍රිතව බහුලව දැකගත හැකිය. මෙම ශාකයේ පත්‍ර සහ කඳ සියුම් බූවකින් වැසී ඇත. දිගැති පත්‍රයක් සෙ.මි 9 දක්වා දිගු වේ. ද්වීලිංගික වූ පුෂ්ප සුදු පැහැතිය. මෙය මැල්ලුමක් ලෙස මෙන්ම...
Share:

Monday, July 27, 2015

ඉත්ත / ඉත්තෑ [Itta / Itte] (Schefflera stellata)

දේශීයව ඉත්ත / ඉත්තෑ යනුවෙන් හඳුන්වන එකම ගණයට අයත් ශාක විශේෂ දෙකක් ඇති අතර සුලබව හමුවන්නේ මෙම Schefflera stellata නම් ශාකයයි. Schefflera hererobotrya නම් අනෙක් විශේෂය අප රටට ආවේනික වූවකි. ඉත්තෑ පඳුරක් ලෙස වැවෙන බහුවාර්ෂික ශාකයකි. බොහෝ විට ගල් පර්වත ආශ්‍රිතව දැක ගත හැකිය. පාණිවත්...
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support