ගඬු, සැරව ගෙඩි, වණ, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදිය සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී මෙහි අල භාවිතයට ගනී. බාහිර ප්‍රතිකාර සඳහා පමණක් යොදා ගන්නා බව සඳහන් වේ. ගර්භණී අවස්ථාවේ සර්ප දෂ්ඨනයක් සිදුවූ විට වැනි අභ්‍යන්තර ඖෂධ දිමට නුසුදුසු අවස්ථාවල කෙටල අල, අමුකහ, ලුණු සමඟ කොටා සාදාගත් මැල්ලුම විෂ බැස්සවීම සඳහා කෑ මුඛයට යොදයි.
කෙටල ශාකයේ කොළ, අල ආදියෙහි යුෂ මිනිසාට ආසාත්මිකතාවයන් පෙන්වයි. ඖෂධ සඳහා මෙම ශාකයේ අල භාවිතයට ගැනීමේදී වංගෙඩියේ දමා කෙටීමට සිදුන අතර මෙම අලවල යුෂ නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකි බැවින් පොල් සමග මිශ්‍ර කර කෙටීමෙන් එවැන්නක් වලක්වා ගත හැකි ය. කෙටල ශාක බහුලව ඇති ස්ථාන ආශ්‍රිතව ගැවසෙන "කෙටල මැස්සා" නමින් හඳුන්වන කුඩා මැස්සන් විශේෂය දෂ්ට කිරීමෙන්ද ආසාත්මික ලක්ෂණ ඇති විය හැකිය.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති
0 comments:
Post a Comment