වැල් කෑලිය මීටර් 3 දක්වා පඳුරක් ආකාරයට වැවෙන කාෂ්ඨීය වැල් ශාකයකි. ඇතැම්විට විශාල ශාක ආධාරකරගෙන ඉහලට වර්ධනය වේ. වියළි කළාපයේ සුලභව දැකගත හැකිය. පැහැදිලි නාරටි සහිත පත්‍ර ඉලිප්සාකාර හැඩයෙන් යුක්තය. පුෂ්ප මංජරියක හට ගන්නා සුදු පැහැති මල් පරවන විට කහ පැහැයට හැරේ. කොළ පැහැති ඵලය තුල බීජ 4 ක් පිහිටයි. ඉදෙන විට කහ තැඹිලි පැහැයක් ගනී. ඉඳුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. බීජ මගින් මෙහි ව්‍යාප්තිය සිදුවේ. වැල් කෑලිය Tiliaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
කැඩුම් බිඳුම්, උදරාබාධ, ඉදිමීම්, රක්තවාතය, සරම්ප, සමෙහි හට ගන්නා ආසාදන, ඔසප් චක්‍රයේ දෝෂ ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් මෙම ශාකයේ පොතු භාවිතා කරයි. වේදනා නාශක සහ ගබ්සාකාරක ගුණ සහිතයි.
0 comments:
Post a Comment