ආහාර අරුචිය, කුසගිනි මදිකම, උදරාබාධ, අතීසාරය, වමනය, හෘදයේ දුබල බව, ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම, හික්කා, ආමවාතය (ආතරයිට්ස්), හිස්හොරි, උගුරේ ආසාදන, ඉදිමීම්, අක්ෂි රෝග, මුඛ රෝග, තුවාල, හිසරදය, දැවිල්ල, උණ නිසා ඇතිවන සීතල පහ කිරීමට ආදී ලෙස රෝග බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී ප්‍රධාන වශයෙන් ඉඟුරුපියලි අලත් ඇතැම් අවස්ථාවල කොළත් භාවිතයට ගනී. මෙම අල සැපීමෙන් මුඛ දුර්ගන්ධය පහව යයි. මෙරට ජනයා කලක සිට ඉඟුරුපියලි අල සුගන්ධ ද්‍රව්‍යයක්ලෙස බුලත් විටට එක්කර ගැනීමට ද පුරුදුව උන්හ. එමෙන්ම හිසකෙස් සහ රෙදිපිළි සුවඳවත් කිරීමට මෙම අල භාවිතා කර ඇත. ඉඟුරුපියලි මුත්‍රකාරක, උත්තේජක සහ වා සෙම් නසන ගුණ සහිතයි.
මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය, ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්
0 comments:
Post a Comment