සිංහලෙන් මකුළු සහ මාකිටිය යනුවෙන්ද හඳුන්වන මකුල්ල තරමක් විශාලවට වැඩෙන අප රටට ආවේනික ශාක විශේෂයකි. ඇළ දොළවල් සහ කුඹුරු අද්දර සුලබව දැක ගත හැකි ය. සිනිඳු සුදු පැහැති පොත්තක් සහිත වන අතර ළපටි කඳ කොටස් බූවකින් යුක්ත ය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර ලංසාකාර, ආයත වැනි...
Monday, January 30, 2017
Monday, January 23, 2017
කහ අඬනහිරිය [Kaha Adanahiriya] (Crotalaria retusa)

කහ අඬනහිරිය මීටර් 1 - 3 අතර උසකට වැඩෙන වාර්ෂික හෝ බහු වාර්ෂික දේශීය පැළෑටියකි. පොදුවේ දිවයින පුරාමත් පහතරට වියළි කලාපයේ සුලබවත් දැක ගත හැකිය. බොහෝ විට සෘජු කඳක් දරන අතර කලාතුරකින් බිම දිගේ වැඩෙන අවස්ථා දැක ගත හැකිය. ශාකය පුරා බූවක් පිහිටයි. සරල පත්‍ර ප්‍රතිලන්සාකාර සිට ප්‍රත්‍යණ්ඩකාර-ආයත...
Monday, January 16, 2017
ගල්කූර [Galkura] (Melochia corchorifolia)

ගල්කූර මීටර් 2 ක් දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික දේශීය පැළෑටියකි. සෙ.මිි. 10 ක් දක්වා දිගු විය හැකි සරල පත්‍ර පටු සිට පුලුල් දක්වා අණ්ඩාකාර හැඩයෙන් යුක්ත ය. පුෂ්ප මංජරියක තදින් ඇසිරුනු පෙති 5 ක් සහිත මල් සුදු හො දම් පැහැතිය. විශ්කම්භය මි.මි. 5 පමණ වන ඵලය කොටස්...
Monday, January 9, 2017
බෝඹු [Bobu] (Symplocos cochinchinensis)
බෝඹු මීටර් 12 ක් දක්වා උසට වැඩෙන, ඇතැම් විට පඳුරක් ලෙස ද වර්ධනය වන දේශීය ශාක විශේෂයකි. ඇතැම් අවස්ථාවල නොමේරූ කොටස්වල සියුම් බූවක් දැකගත හැකිය. පත්‍ර පුළුල් සිට පටු දක්වා වන ඉලිප්සාකාර හැඩයෙන් යුක්ත ය. පත්‍ර දාරය දැති සහිත, තරංගීමය හෝ කඩතොළු සහිත වේ. පත්‍රයක් සෙ.මි 6 සිට 17...
Monday, January 2, 2017
දියමිත්ත [Diyamitta] (Cissampelos pareira)
කිරිමුදුවන් නමින්ද සිංහලෙන් හඳුන්වන දියමිත්ත ආයුර්වේද වෙදකමෙහි ලඝු පාඨා යනුවෙන් හඳුන්වන ඖෂධය බව වෘද්ධ වෛද්‍යවරුන්ගේ නිගමනයයි. ඖෂධීය භාවිතයේදී මෙම කුලයටම අයත් ලුණුකැටියා වැල් (Stephania japonica) නම් දේශීය වැල් විශේෂයද දියමිත්ත ප්‍රභේදයක් ලෙස සලකා ඇති බවත් ඒවා පාඨා නමින් හඳුන්වන...
Monday, December 26, 2016
විළඳවැන්න [Viladawenna] (Leucas biflora)
දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ මෙම ශාකය විළඳවැන්න ලෙස හැඳින්වුවද උද්භිද විද්‍යා මූලාශ්‍රවල Leucas zeylanica ශාකය මෙන්ම මෙයද හඳුන්වා ඇත්තේ ගැටතුඹ නමිනි. ගැටතුඹ සහ මෙය එකම ගණයේ ශාක විශේෂ වුවද විළදවැන්න බිම දිගේ වර්ධනය වන වැලක් වන අතර ගැටතුඹ පොළවෙන් ඉහලට වර්ධනය වන කුඩා පැළෑටියකි. කුඩා...
Monday, December 19, 2016
දේවදාර [Dewadara] (Cedrus deodara)

දේවදාර දේශීය ඖෂධ ශාකයක් නොවුනද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රකට ඖෂධයක් මෙන්ම ඉන්දියානුවන් පූජනීයත්වයකින් සලකනු ලබන ශාකයකි. ඉන්දීයාවට දේශීය වන දේවදාර "දෙවිවරුන්ගේ ලී" යනුවෙන් අරුත් ගැන්වෙයි. මෙය මල් හට නොගන්නා විවෘත බීජක (Gymnosperms) නම් උද්භිද වර්ගීකරණය යටතේ ඇති Pinaceae කුලයට...
Monday, December 12, 2016
පනම් පෙති [Panam Peti] (Pyrrosia heterophylla)

පැරණි දේශීය ව්‍යවහාරික මුදල්වල පනමේ කාසිය මෙම ශාකයේ කොළවල ප්‍රමාණයට සමානව තිබූ හෙයින් පනම් පෙති සහ කාසි පෙති යනුවෙන් හැඳින්වූ මෙය වැලක් ආකාරයට වර්ධනය වන දේශීය මීවන විශේෂයකි. බොහෝ විට කුඩා ගස් සහ පඳුරු මත අපි ශාකයක් ලෙස වර්ධනය වන මෙහි පත්‍ර මාංසල ස්වභාවයක් ගනී. පර්නාංග විශේෂයක්...
Monday, December 5, 2016
මයිල [Maila] (Bauhinia racemosa)
ශ්‍රි ලංකාවේ වියළි කලාපයේ සුලබව දක්නට ලැබෙන මයිල මීටර් 7 ක් පමණ උසට වැවෙන කුඩා දේශීය ශාකයකි. නොමේරූ කඳ මඳ බූවක් සහිත වේ. පත්‍රය කෙළවරින් ඛන්ඩිකා දෙකකට බෙදී පවතින අතර ඛන්ඩිකා අග්‍රස්ථයෙන් වටකුරු ය. පත්‍ර පාදය තරමක් හෘදයාකාර වේ. ශඛාවන්ගේ අග්‍රස්ථයෙන් ඒකාක්ෂ පුෂ්ප මංජරියක් හට...
Monday, November 28, 2016
අනිත්ත [Anitta] (Rhinacanthus nasutus)

Rhinacanthus නම් උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 3ක් අප රටින් හමුවන අතර එයින් විශේෂ දෙකක් මෙරටට ආවේනික වේ. අවේනික විශේෂ දෙනෙක් Rhinacanthus polonnaruwensis නම් ශාකය හීං අනිත්ත ලෙස හඳුන්වා ඇත. එය විශේෂ තුන අතරින් පත්‍රවල පළල අඩුම ශාකයයි. Rhinacanthus flavovirens නම් අනෙත් විශේෂය...