කැටකෑල පොතු සහ කොළ දේශීය වෙදකමෙහි, විශේෂයෙන් කැඩුම් බිඳුම් හා ගෙඩි වණ වෙදකමේ බහුලව භාවිතා කරනු ලැබේ. භග්න චිකිත්සාවෙහි අස්ථි සංධානය සඳහා බෙහෙවින් උපයෝගී කරගන්නේ කැටකෑල පොතුය. ඒ කසට හා ස්ථම්භන ගුණයෙන් යුක්ත බැවිනි. කැඩුණු ඇට සන්ධි ගන්වා කැටකෑල පොතු තබා බැඳීමෙන් ඇට පෑහිම හෙවත් අස්ථි සන්ධානය වහා සිදුවේ.කැටකෑල පොතු, මුල්, කොළ සමඟ අමුකහ සහ ලුණු දමා කොටා තලතෙලින් මළවා බැඳීමෙන් බිඳී ගිය අස්ථි ඉක්මනින් පෑහීම සිදුවේ. සන්ධි වූ තැන කටු සවිවීමට කැටකෑල පොතු, කහට පොතු, හික් පොතු, මාදං පොතු සහ කඩොල් පොතු යුෂට පොල් පැණි දමා පත්තු සිඳ ආලේප කරයි. කැටකෑල පොතු, කෑලිය පොතු, කඩොල් පොතු, දෙමට පොතු, පලු පොතු, තරණ දලු කොටා මිරිකා යුෂ ගෙන පැණි සිඳ ආලේප කිරීම සන්ධි පැනීමෙදී සිදුකරන ප්‍රතිකාරයකි.
එමෙන්ම කුෂ්ඨ රෝග, රතගාය, ගඩු, අභිඝාත, ආදියට ප්‍රතිකාර කිරීමේදීද කැටකෑල පොතු භාවිතා කරයි. කුෂ්ඨ රෝගවලදීකැටකෑල දලු අඹරා ආලේප කිරීම සිදු කරයි. වැටීම් තැලීම් ආදියේදී ඉලයේ ඇතිවන වේදනා වලදී බටහිර පැත්තේ පොත්තක් පහලට ගලවා යුෂ ගෙන කකරා පැණි පදමට ගෙන ශරීර ඌෂ්ණත්වයට පමණ ගෙන ආලේප කිරීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් බව සඳහන් වේ. රතගායට කැටකෑල පොතු, කැකුණ පොතු, මදටිය පොතු, රම්මානිස්ස කොළ පැන් සිඳ හීනටි බත් අඹරා ආලේප කිරීම, ගඩුවලට කැටකෑල පොතු, කැබැල්ල පොතු කොටා යුෂ ගෙන පැණි සිඳ ගඩුවල ආලේප කිරීම ආදී ප්‍රතිකාර රාශියක් සඳහා කැටකෑල දේශීය වෙදකමේදී භාවිතයට ගැනේ.
7 comments:
Obata Pin
ස්තුතියි
හොදයි
බොහොම ස්තුතී මේ ශාකය පිළිබද ගොඩාක් දැනුවත් උනා..මේ ශාකය කොපමන විශාල වෙනවදා?
රතු කැටකෑල කියන්නෙත් මේ පින්තූර වල සඳහන් ශාකයද
මේ ශාකය පාරවල් දෙපැත්තේ වගා කරන්න පුලුවන්ද? මොන වගේ තැන්වලද මේ ශාකය තියෙන්නේ..
අත්‍යාවශ්‍ය බෙහෙතකට රතු කැටකෑල තිබෙනව තැනක් දැනගන්න පුළුවන් ද? බොහෝමත්ම පිං සිදු වෙනවා
Post a Comment