
රත්පිත, රක්තප්‍රදර, දියවැඩියාව, මධුමේහ, පිත්තජ රෝග, වණ, ගෙඩි, ප්‍රමේහ, සෝමරෝග, අජීර්ණ, අතීසාර, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, කුෂ්ඨ, දන්ත රෝග, අතීසාර, අකලට හිසකෙස් ගැලවී යාම, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී ගම්මාලු ශාකයේ කොළ, පොතු, සුඹුලු, කිරි, අරටුව හා මැලියම් භාවිතා කරයි. ගම්මාලු කිරි ලේ වහනය අවහිර කරන, වණ රෝපණය කරන, පෙනහළුවලට හිතකර, කෘමින් නසන, ශරීර ශක්කිය වඩවන ගුණ සහිතයි. ගම්මාලු කොළ වණ ශෝධනය කරන, ඉදිමුම් නසන, සන්ධානීය සහ කෙස් කළඹට හිතකර ගුණයන්ගෙන් යුක්ත ය. අසන බිල්වාදී තෛලය, ගම්මාලු තෛලය ගම්මාලු භාවිතාකර නිපදවන ඖෂධයන් ය.
කිහිරි, ගම්මාලු යන දෙවර්ගය කෂාය කර බීමෙන් සියළු කුෂ්ඨ රෝග සමනය වේ. ගම්මාළු අරටුවේ චූර්ණය දියකර කට සේදීම දත් රෝගවලට ගුණය. වණවලට ගම්මාලු චූර්ණය තුවාලවලට ඉසීම, කොළ අඹරා ආලේප කිරීම, කොළ තම්බා සේදීම ආදී ප්‍රතිකාර ලබා දෙයි. ගෙඩි විදාරණයට පත්‍ර ප්‍රලේපය ආලේප කරයි. මධුමේහයට සුඹුලු කෂාය දෙයි. ගම්මාලු ලාටු තැබීමෙන් දත් කැක්කුම සමනය වෙයි. තැලීම්වලදී අරටුව දෙහි ඇඹුලින් ගලගා ආලේප කරයි. ගම්මාලු අරටුවෙන් සාදාගත් භාජනයක සිසිල් ජලය දමා උදෑසන පානය කිරීම හෝ අරටු කැබැල්ලක් ජල බදුනක බහා තබා එම ජලය පානය කිරීම දියවැඩියාවට ගුණය. ගම්මාලු කිරි බිංදු කිහිපයක් එළකිරිවලට කලවම් කර පානය කිරීමෙන් රක්තහීනතාවය දුරු වේ යැයි මතයක් පවතී. විචිත්‍ර වෛරම් සහිත ගම්මාලු ලීය කැටයම් ආදිය කැපීමටත් ගෘහභාන්ඩ සෑදීමටත් යොදා ගත හැකි වටිනා දැවයකි. පූජනීය ස්ථානවල දැවකම්වලදී විශේෂයෙන් භාවිතා කර ඇත.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්
1 comments:
Very powerfull medicine.I got eczema when I'm 5,6 years and it's totally heal for more than 20 years.
Post a Comment