සෙම් රෝග, වාත රෝග, ඉදිමුම්, වේදනා, කුසගිනි අඩු කම, ආම දෝෂ, මළ බද්ධයට, කටහඩේ දුර්වලතා, චර්ම රෝගවන කුෂ්ඨ ,ශරීරයේ කැසීම් යනාදියට, මානසික ආබාධ, අපස්මාරය (මීමැස්මොර) ඇතුළු තවත් රෝග රැසක් සඳහා ප්රතිකාර කිරීමට ලුණුවිල යොදා ගනී. මොළයේ සහ හෘදය වස්තුවේ ක්රියාකාරීත්වය උත්තේජනය කරයි. සෙම් රෝගයට ගුණ නිසා පෙනහලුවල සෙම ඉවත් කිරීමටද ඉතා ගුණදායකයි. විශේෂයෙන්ම ස්මරණ ශක්තිය (මතක ශක්තිය) දියුණු කිරීමේ මහා ගුණයක් ලුණුවිලවල අඩංගුවේ. කුඩා කාලයේ සිට ලුණුවිල යුෂ ස්වල්පයකට මී පැණි දමා දීමෙන් දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ. කුස ගිනි වඩන, ආහාර හොඳින් පැසවීම සිදුවන අතර මළ පහසුවෙන් පිටවන ගුණය ද මෙහි අඩංගුය. ළදරුවන්ගේ මලබද්ධය සඳහා ලණුවිල තැම්බූ වතුර ස්වල්පයක් ලබාදීම ඉපැරණි ප්රතිකාරයකි. ලුණුවිල මෘදු විරේචක, මුත්ර කාරක, ලිංගික හැකියාවන් උද්දීපනය කරන ගුණ සහිතයි.
Friday, August 14, 2015
Home »
» ලුණුවිල [Lunuvila] (Bacopa monnieri)
4 comments:
මේ විදිහෙම කඳ දුඹුරු පාට ශාඛය "ගෙඳ" කියල හඳුන්වන්නෙ. වැරදි නම් නිවැරදි කරන්න. ශාඛ දෙකම එක වගේ. දුඹුරු පාට කඳ විතරයි වෙනස.
මේ විදිහෙම කඳ දුඹුරු පාට ශාඛය "ගෙඳ" කියල හඳුන්වන්නෙ. වැරදි නම් නිවැරදි කරන්න. ශාඛ දෙකම එක වගේ. දුඹුරු පාට කඳ විතරයි වෙනස.
ලුනුවිම්ල සහ ගෙද කියන්නේ වර්ග දෙකක්
ලුණුවිල සහ ගෙදර යනු එකිනෙකට වෙනස් පැළෑටි වර්ග දෙකකි
Post a Comment