යුරෝපය සහ ඉරානය නිජබිම ලෙස සැලකෙන අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වා දෙන ලද ඖෂධ පැළෑටියකි. මෙය දකුණු ඉන්දියානු සිද්ධ වෛද්‍ය ක්‍රමය හා අරාබීය යුනානි වෙදකමේ ප්‍රකට ඖෂධයකි. සෙ.මි 60-75 උපමණ උසට වැඩෙන කුඩා ශාකයක් ලෙස හෝ පඳුරක් ලෙස වර්ධනය වේ. අඳුරු කොළ පැහැති සංයුක්ත පත්‍ර එකාන්තරව පිහිටන අතර පහත පත්‍ර ත්රිපක්වෂත්ය. සමතලීය පුෂ්ප මංජරියක හට ගන්නා කහ පැහැති මල් ද්වීලිංගිකය. ස්ඵෝටිවක් වන ඵලය තුල කෝණාකාර බීජ රාශියක් පිහිටයි. මෙම ශාකයේ පත්‍ර සහ අතු ආවේනික සුවඳකින් (ගඳකින්) යුක්ත ය. අරූද Rutaceae කුලයට අයත් ශාකයකි.
ඉදිමුම්, වණ නිසා ඇතිවන ඉදිමුම්, කණෙහි ඇතිවන වේදනාවන් ඇතුළු කරණ රෝග, සර්ප විෂ, වලිප්පුව, අපස්මාරය, ආමවාත, ස්වසන රෝග, ප්‍රතිශ්‍යාව, වේදනාකාරී දරු ප්‍රසූති, මුත්‍ර රෝග, පණු රෝග, විෂ සහිත කෘමී දෂ්ඨන ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් අරූද කොළත්, අමතරව සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. අරූද පණුවන් නසන,ගර්භාෂය සංකෝචනය කරන, ආර්ථවය ඇති කරවන, ගබ්සාකාරක, ඉදිමුම් නසන, විෂ නාශක, සෙම ඉවත් කරන ආදී ගුණයන් රාශියකින් සමන්විතයි.
අරූද තෛලය අරූද ශාක කොටස් යොදා නිපදවන ප්‍රකට ඖෂධයකි. හදිසි ගුණ දෙන ඖෂධයක් ලෙස සැලකෙන මෙය අපරදිග වෛද්‍යවරු හදිසි හිරිවැටීම වලට බාහිර ආලේපනයක් ලෙස යොදති. අරූද ශාකයේ ගුප්ත බලයක් ඇතැයි පවතින විශ්වාස නිසා එය ගුප්ත විද්‍යා කාර්යයන් සඳහා ද එවායින් ආරක්ෂා වීම සඳහා ද ගුප්ත ඖෂධයක් ලෙස භාවිතා කරයි. අරූද තෙල් දරුවන්ගේ හිසේත් පපුවේත් නිතර ආලේප කිරීම සඳහා භාවිතා කරන තෙලක් ලෙස යෙදේ. එමගින් දරුවන්ගේ පීනස සහ සෙම් රෝග සමනය වේ. ළමා පීනසයට සහ කැස්සට අරූද කොළ පුලුස්සා දුම් ඇල්ලීම ද ප්‍රතිකාරයකි. අරූද කොළ යුෂ, කලාඳුරු අල යුෂ සහ රතුලූනු යුෂ තලතෙල් යොදා සිඳ ගන්නා තෙල්ද අරූද තෙල් යනුවෙන් ව්‍යවහාර කරයි. එයද විශේෂයෙන් ළදරුවන්ගේ හිසට දැමීමට පාරම්පරිකව මෙරට මව්වරුන් භාවිතා කරන්නකි. මෙම කොළ තේ මෙන් සකසා පානය කල හැකිය. අරූද කොළ යුෂ ළමා පණු රෝග සඳහා ද යෙදේ. අරූද කොළ සුගන්ධය කාන්තාවන්ගේ කාමොද්දීපනය කරන්නක් බව සඳහන්.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
සේයාරූ_ අන්තර්ජාලයෙන්
11 comments:
මට පැලයක් හොයා ගන්න ක්‍රමයක් නැද්ද. මීට අවුරුදු 20කට විතර කලිං දැකලා තියනව්.ඒවෙන් තෙල් හිදලා දාලා තියනවා. ඒත් දැං හොයා ගන්න නැහැනෙ.
පන්නිපිටියේ පොල්වත්ත පැල තවානේ තියෙනවා...
තියනව
Mata kola tikak ganna thanak kiyanawada
Mama genna gaththa tikak.
matathkola tikak genna ganna widhihak kiyanwad
Mata kola tikak ganna oone pls kiyannaa
Mewa genna ganna widiyak nadd
Thiyana thanak kiyannako
api laga thiyenawa 0769760976
Meh palaya ganna ona katiya, nuwara eliya idi purchase karana puluwan. Ehe pala ganna thianawa. Meka godak watina palayak. Wadi ganam naha nuwara eliya pathe. Vegetation farms walin wage ahala balana. :)
Post a Comment