
අසමෝදගම් ඇවිස්සී ගිය සෙම සහ වාතය සමනය කරයි. වේදනාව නසයි. ස්නායු ශක්තිමත් කරයි. හෘදය උත්තේජනය කරයි. කැස්සට ගුණදායකය. මූත්‍රා කාරකයි. කුසගිනි වඩවයි. අසමෝදගම් ස්ප්‍රිතු කුඩා ළමුන්ගේ ආමාශගත වාත රෝග හා අජීර්ණ රෝග ආදියට ප්රත්යක්ෂ බෙහෙතකි. අසමෝගම් ඇට බැද උතුරන වතුරට දමා මඳ වේලාවක් තිබෙන්නට හැර ඉන් ජලය ස්වල්පයක් බීමට දීමෙන් කුඩා ළමුන්ගේ අජීර්ණ රෝග හා පාචනය සුව වේ. ඇස් රෝග, වමනය, ඉක්කා සහ මූත්‍රා රෝග, කෘමි රෝග, බඩවැලේ රෝග, අතීසාර, වාත රෝග, ආමාශයේ අම්ල ගතිය වැඩිවීම හා අජීර්ණ ආදියට වෙනත් ඖෂධ සමග අසමෝදගම් යොදනු ලැබේ. අත් බෙහෙත් ලෙස අජීර්ණයට අසමෝදගම් හා ඉඟුරු එකට තම්බා බොන්නට දීම, ඉදිමුමට අසමෝදගම් ඇට අඹරා සෑදූ ආලේපය ගෑම, වේදනාවට අසමෝදගම් තෙල් ආලේප කිරීම, ඇදුමට ඇට චූර්ණ කොට එහි දුම උරන්නට දීම හා අසමෝදගම් කොළ සම්බෝලයක් ලෙස අමුවෙන් කෑම ඉතා ගුණදායකය.
මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක , ඖෂධීය ශාක සංග්‍රහය කෘති
සේයාරූ_ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
16 comments:
Thank you
බොහෝම ස්තූතියි.මේ වාගේ වටිනා වැඩක් කිරීීම ගැන.මෙහි වටිනාකම මිලකල නොහැකිය.
ස්තුතියි ඔබට.
ඉතාම වටිනා බොහෝ අයට දැනුම ලබා ගත හැකි වැඩක් ඔබට බොහෝ පින්.
ස්තුතියි
niyama wedak.. godaaak pin.
ස්තුතියි
thank you so much
ස්තුතියි.
හරිම සතුටුක් ඔබේ බ්ලොග් අඩවිය හමුවීම සහ එහි ගොඩවදින්නට හැකිවීම.
ස්තූතියි
ස්තුතියි.
ඇත්තටම ගොඩාක් ස්තුතියි👍👍
This is really impressive. I read all plants listed in the blog to understand the cosmetic usages of plants. Found valuable information for my Mphil. Thank you very much. Keep this up for students like us. Again Thank you.
Thank you very much
Nice web site
thanks
thank you
Post a Comment